Siththam Karamin | සිත්තම් කරමින් | Dayan Witharana
Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය) Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
2.08K subscribers
165 views
1

 Published On Aug 6, 2020

අලුත් , පරණ සිංහල සිංදු පද රචනා සමඟින් අහන්න නම් එන්න අපේ චැනල් එකට....

Siththam Karamin | සිත්තම් කරමින් | Dayan Witharana

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා..

දෙලොවක් අතරේ සරන ඔබේ සිත
මෙතරම් සසලෙන්නැතුව ඇති
ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා..

භවයෙන් භවයේ අහිමිව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමු ද අපි අපේම වූ
මතු භවයක යළි හමුවෙමුයි පතා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා..

Artist - Dayan Witharana
Music - Karunarathne Wijewardhana
Lyrics - Irangani Maddumabandara

show more

Share/Embed