Akase Walapelin | ආකාසේ වලා පෙළින් | Samitha Mudunkotuwa
Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය) Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
2.08K subscribers
952 views
12

 Published On Oct 17, 2021

අලුත් , පරණ සිංහල සිංදු පද රචනා සමඟින් අහන්න නම් එන්න අපේ චැනල් එකට....

Akase Walapelin | ආකාසේ වලා පෙළින් | Samitha Mudunkotuwa

ආකාසේ වලා පෙළින් ඈත එහා කෙදෙව්වේ
ඔබ හා මා රැඳී ඉන්න එන්න සීත දනව්වේ
අසා මගේ ගී රාවේ රසේ මවාලා
ඔබ ගයාවි මේ ගී තාලේ සිනා සලාලා
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා සත් සර ගලා ගියා
සතුටින් ගයා වයා ඔබත් සිතින් උදම්වෙලා

සිහිල් පවන් හමාවී නැවුම් සුගන්දයක් දී
දේදුන්නේ පාටට ළංවී අවුල් තැවුල් නිමාවී
නිමේෂයක් හිඳීවී ආදරයෙන් දෑත් බැඳේවී
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා සත් සර ගලා ගියා
සතුටින් ගයා වයා ඔබත් සිතින් උදම්වෙලා

හිතේ පැතුම් පිපේවී අළුත් හැඟුම් කියාදී
මේ මල් යායේ නැළවේවී අපේ රහස් කතාවී
වසන්තයක් උදාවී කාටත් සැනසීම ලැබේවී
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා සත් සර ගලා ගියා
සතුටින් ගයා වයා ඔබත් සිතින් උදම්වෙලා

Artist - Samitha Mudunkotuwa
Music - Sangeeth Wickramasinghe
Lyrics - Hemasiri Halpita

show more

Share/Embed