Akase wala pelin...(ආකාසේ වළා පෙලින්)Samitha Mudunkotuwa
Periwinkle Periwinkle
91.7K subscribers
203,231 views
1.3K

 Published On Oct 29, 2013

ආකාසේ වලා පෙළින් ඈත එහා කෙදෙව්වේ
ඔබ හා මා රැඳී ඉන්න එන්න සීත දනව්වේ
අසා මගේ ගී රාවේ රසේ මවාලා
ඔබ ගයාවි මේ ගී තාලේ සිනා සලාලා
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත් සර ගලා ගියා
සතුටින් ගයා වයා ඔබත් සිතින් උදම්වෙලා

හයි හයි..

හයි හයි..

සිහිල් පවන් හමාවී
නැවුම් සුගන්දයක් දී

සිහිල් පවන් හමාවී
නැවුම් සුගන්දයක් දී
දේදුන්නේ පාටට ළංවී
අවුල් තැවුල් නිමාවී
නිමේෂයක් හිඳීවී
ආදරයෙන් දෑත් බැඳේවී
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත් සර ගලා ගියා
සතුටින් ගයා වයා ඔබත් සිතින් උදම්වෙලා

හයි හයි..

හයි හයි..

හිතේ පැතුම් පිපේවී
අළුත් හැඟුම් කියාදී

හිතේ පැතුම් පිපේවී
අළුත් හැඟුම් කියාදී
මේ මල් යායේ නැළවේවී
අපේ රහස් කතාවී
වසන්තයක් උදාවී
කාටත් සැනසීම ලැබේවී
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත් සර ගලා ගියා
සතුටින් ගයා වයා ඔබත් සිතින් උදම්වෙලා

අයි අයි අඅයි අඅයි අයිය යයයි අඅයියා

ආකාසේ වලා පෙළින් ඈත එහා කෙදෙව්වේ
ඔබ මා හා රැඳී ඉන්න එන්න සීත දනව්වේ
අසා මගේ ගී රාවේ රසේ මවාලා
ඔබ ගයාවි මේ ගී තාලේ සිනා සලාලා
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත් සර ගලා ගියා
සතුටින් ගයා වයා ඔබත් සිතින් උදම්වෙලා ....////.

ගායනය - සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරී
පද - හේමසිරි හල්පිට
තනුව - සංගීත් වික්‍රමසිංහ

show more

Share/Embed