පුන් පෝදා සඳ ඔබ ගෙන අවොත් |මාලනී බුලත්සිංහල(Pun Poda Sanda |Malani Bulathsinhala) -SRI LANKAN MUSICS
Sinhala Playlist Sinhala Playlist
9.55K subscribers
257,020 views
1.2K

 Published On Dec 25, 2020

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්

පුන් පෝදා සඳ ඔබ ගෙන අවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම්

පුන් පෝදා සඳ ඔබ ගෙන අවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්

බිඟු තුඩු නොවැදුණු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුණු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින් මං

පුන් පෝදා සඳ ඔබ ගෙන අවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්...//

පද රචනය : - ලුෂන් බුලත්සිංහල
ගායනය : - මාලනී බුලත්සිංහල
සංගීතය :- එච්.එම්. ජයවර්ධන

show more

Share/Embed