කන්ද කෙන්ද කරනු පිණිස | මාලනී බුලත්සිංහල ( Kanda kenda karanu pinisa | Malini Bulathsinhala )
Sinhala Playlist Sinhala Playlist
9.56K subscribers
97,097 views
608

 Published On Jan 26, 2021

#SinhalaSindu #KandaKenda #MalaniBulathsinhala #SinhalaPlaylist

කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා

ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා
බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා
බඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලා
ඔහේ සිනා සෙනු මිස විහඟුන්ගේ ගී අහලා

කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා...

කුණාටු සුළි සුළං වැදී ගහකොල පෙරලාවි
මුල හොඳනම් ගසක් ළඟදි කුණාටු පරදීවී
ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී
ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී

කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා


ගායනය : - මාලනී බුලත්සිංහල
පද රචනය : - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : - එච්.එම්. ජයවර්ධන

show more

Share/Embed