බල්ලා | හිටියා උදාර කොල්ලෙක් | Hitiya Udara Kollek (Lyrics) FREDDIE SILVA
SL Lyrics SL Lyrics
273K subscribers
6,486 views
0

 Published On Aug 25, 2023

හිටියා උදාර කොල්ලෙක්....
ඌට හිටියා හොද සැර බල්ලෙක්...
පළාතෙ එන්නෑ බිල්ලෙක්....
උගේ ඇගේම නෑ එක මැක්කෙක්...

දවසක් දා ඌ දික් කරගෙන කළු හොම්බත්
හිටියා පණනැති මැළවුන ගතියෙන් හෙම්බත්
ඌ කෑම කන්නෙ නෑ...බුරන්න යන්නෑ...
නකුට වනන්නෑ...ලෙවකන්නේ නෑ....
නෑ....හරිම ලෙඩක්
බල්ලට වැඩියෙන් කොල්ලයි දැන් ගොරවන්නේ..
කොල්ලට වැඩියෙන් බල්ලයි දැන් ඔරවන්නේ...
තොට මස්කටු ඕනද...බලු සුප් ඕනද...
ගස්ලබු ඕනද...පපඩම් ඕනද....
නෑ....උපවාසේ....

මේ මොන දෙයක්ද කියලා තැවෙනවා කොල්ලත්
නොකා නොබී ඉද හොම්බෙන් යනවා බල්ලත්
තොට දම්වැල එපාද...කූඩුව එපාද....
තලන්න එපාද....කහින්න එපාද...
කෝ.....කියන්නෙ නෑ....
ඒ ගැන හිතලම කෙට්ටුයි දැන් අපෙ කොල්ලත්
දවසින් දවසම දිරාල යනවා බල්ලත්
දෙන්නද බූල් වැක්කෙරෙන...කන්දෙක එල්ලෙන
ඇස් දෙක නටවන....සුනඛ ධේනුවක්...
නෑ.....කියන්නෙ නෑ....

දැන් දැන් බල්ලගෙ තත්වය තරමක් උග්රයි
මාරය සමගත් දැන් ඌ හොද හැටි මිත්රයි
මම අදින ගමන් ඌ වනල දෙකන්...
කියනවා මූ දැන් මෙහෙම බොලන්....
මේ.....අහපල්ලා....
ස්වාමියා හට ඇති කීකරැකම අපි අරින්නෙ නෑ
එනමුත් බල්ලා කියනා නම රැකගන්නත් නෑ
මිනිසුන් අතරේ පොකට් ගහන්නෙත්...
බෙලිද කපන්නෙත්....උන්ට කියන්නෙත්

බල්ලා.....බල්ලා.....බල්ලා.....බල්ලා.....
බල්ලා.....බල්ලා.....බල්ලා.....බල්ලා.....

show more

Share/Embed