තේ කූඩය පිටේ බැදන් | Te kudaya Pite Badan (Lyrics) FREDDIE SILVA
SL Lyrics SL Lyrics
289K subscribers
75,623 views
941

 Published On Sep 2, 2023

🎤ගායනය :ෆ්‍රෙඩී සිල්වා & කලාවතී සින්නසාමි
🎼සංගීතය : ස්ටැන්ලි පීරිස්
✍️පදමාලාව: හේමසිරි හල්පිට

තේ කූඩය පිටේ බැදන්
නුඹ එනවා කන්ද උඩින්
මම දැක්කේ හුග කලකට පස්සෙ ලෙච්චමී
මගෙ ලෙන්ගතු කමට ඉතින්
කාගෙත් ඇස් වහල හොරෙන්
තනි පංගලමේ ඉදින්න වරෙන් ලෙච්චමී
දැක්කම ඔය වග කියාවි
මටම කරච්චල් කරාවි
මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ
ලයිමේ ඈයො පද හදාවි
පූච්චානම් මට කියාවි
ආඩවනේ ඕවට මම කැමතිම නෑනේ

සිදාදියේ වේල් පොලට
උඹ එක්කරගෙන යන්නම්
අත පිරෙන්න හිත පිරෙන්න
මණි බඩු අරගෙන දෙන්නම්
මාත්තියා එක්ක අපෝ
මට බැරියෝ ඒකටනම්
වත්තෙ ඉදිල්ලත් නැතිවෙයි
මට මොකටද ඔය කෝළම්

වත්තෙ මහත්තයා වෙලා
විදගෙන මේ නව නින්දා
මම මේ හැටි වද විදින්නෙ
නුඹ හට ආදරෙ හින්දා
එතෙ අප්පගෙ ආඩපාලි
අහන්න මට බැරි හින්දා
මහත්තයා දන්නෙ නැද්ද
ගිය සුමානෙ මම බැන්දා
තේ කූඩය පිටේ බැදන්
නුඹ එනවා කන්ද උඩින්
මම දැක්කේ හුග කලකට පස්සෙ ලෙච්චමී
මගෙ ලෙන්ගතු කමට ඉතින්
කාගෙත් ඇස් වහල හොරෙන්
තනි පංගලමේ ඉදින්න වරෙන් ලෙච්චමී
දැක්කම ඔය වග කියාවි
මටම කරච්චල් කරාවි
මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ
ලයිමේ ඈයො පද හදාවි
පූච්චානම් මට කියාවි
ආඩවනේ ඕවට මම කැමතිම නෑනේ..
තනි පංගලමේ ඉදින්න වරෙන් ලෙච්චමී
ආඩවනේ ඕවට මම කැමතිම නෑනේ..

show more

Share/Embed