Published On May 21, 2021
කෙනෙකු මියගිය පසු නෙක අයුරින් එකී අවසන් කටයුත්ත කළ පුරාණ මිනිසා සොයාගත් ආසන්නම සංස්කෘතීම අවස්තාව අවමංගල සභාවයි.මෙය නොයෙක් පළාත්වල නොයෙක් අයුරින් සිදුවෙයි.වත්මන වන විට මෙය මහත් උත්සවයක සිරිය ගනියි.රැළි පාලම්,තොරණ,ගොක් සැරසිලි,කඩදාසි සැරසිලි,මල් වඩම්,පුවරු,පත්‍රිකා ආදියෙන් මෙය රූපිතය.ආගමික වතාවත් ආදිය මෙහිදී මුල් තැන ගත්තද වඩාත් ආකර්ශනීය අංගය වනුයේ අවමංගල සභාවේදී ඉදිරිපත්වන කවි ය.මේවා කියන්නට ඉතා ප්‍රකට කවීන් ඒ ඒ පළාත්වල වෙසෙයි.ඊට අමතරව ඒ ඒ මියගිය අය අනුව කවි කොළ,කවි පත්‍රිකා ආදියද මුද්‍රණය කර මිනිසුන් අතර බෙදාදීම්ද සිදුවෙයි.මේ කවි වල ස්වරූපය සෘජු ප්‍රකාශන ගතිය,හිටිවන කවි ස්වරූපය,වාර්තාමය ස්වරූපය,ග්‍රාමීය ලක්ෂණ ආදිය ප්‍රකට කළද මෙහි පවතින සංස්කෘතීමය ගුණය අගය කළ යුතු වෙයි.
ඇතැම් ජනප්‍රිය පුද්ගලයින්,කවීන් ආදීන් මියගිය අවස්ථාවල අවමංගල සභාවන් හි කී කවි බොහෝ පැරණි පොත් පත්වල ඇත.මරණය යනු ජයග්‍රහනයකැයි මහගම සේකරයන් සිය 'නොමියෙමි'කවි පොතේ ලියයි.සොක්‍රටීස් කියන්නේ 'මරණය යනු සදාකාලික සුව නින්දයි'යනුවෙනි.සිංහල ජන සමාජය තුළ මරණ ගෙවල්වල එලිවෙනතුරු ගායනා වන වෙස්සන්තර ජාතක කවි ද මෙහිදී විශේෂිතය.
Mahinda Prasad Masimbula: https://fb.com/mahindaprasad.masimbula
Santhawa Books: https://www.fb.com/santhawabooks