තේරවිලි කවි | Theravili Kavi | මෙච්චර කවි ලංකාවේ - 08 | Mahinda Prasad Masimbula
Santhawa Kavi TV Santhawa Kavi TV
17.1K subscribers
25,958 views
419

 Published On Feb 26, 2021

Mahinda Prasad Masimbula: https://fb.com/mahindaprasad.masimbula
Santhawa Books: https://www.fb.com/santhawabooks

තේරවිලි කවි

ජන ජීවිතයේ භාෂා භාවිතය තුළ කැපී පෙනෙන ඉතා විශිෂ්ට අවස්ථාවක් ලෙස තේරවිලි කවි සහිත්‍යය හඳුන්වා දිය හැක. කවිය විනෝදය උදෙසා ද ඉන් ඔබ්බට සහයෝගය, දැනුම, බුද්ධිය වර්ධනය ආදිය උදෙසා ද භාවිත වූ මෙම සුවිශේෂී අවස්ථාව මේ වන විට ක්ෂය වෙමින් පැවතීම අපි අනුමත නොකරන්නෙමු.

සාමාන්‍ය තේරවිලි | තුං තේරවිලි | තේරවිලි කවි ආදී වශයෙන් ගැනෙන මේ තේරවිලි අතර තේරවිලි කවි විශේෂිත ය. ජන කවි තුල | ජන ක්‍රීඩා කවි තුල | තහංචි කවි | ටීකා කවි සී පද මෙන්ම ප්‍රකට අන්දරේගේ කවි අතර ද තේරවිලි කවි හමුවෙයි. මෙයින්ද පද පෙරළි සහ තුං තේරවිලි වල අපූරු නිර්මාණාත්මක අගයක් ගනියි. බසෙහි ස්වර පෙරළා සොයන අර්ථ ආදිය තුළින් සිදුවන නිර්මාණාත්මක ක්‍රියාකාරකම මිනිස් ජීවිතයට ඉතා වැදගත් යැයි සිතිය හැක.

මේවාට නිෂ්චිත අවස්ථාවක් | කාල වේලාවක් නොතිබුණු අතර විවේකී අවස්ථාවල එම විවේකය ගෙවා දැමූ අර්ථවත් විධි අතර තේරවිලි පැවසීම සහ තේරීම ප්‍රමුඛාංගයක් ව පැවතියේය. මේවා පිළිබඳ දත් ඉතා වටිනා විදග්ධ, පරිනත පැරණි පරම්පරාවක නිමාව මේ වන විට සනිටුහන්ව ඇති අතර මේවා මියෙන්නට නොදී රැක බලා ගැනීම අප සන්ථව කවි TV හි වගකීමක් සේ සලකන්නෙමු.

show more

Share/Embed