Anuradhapura Travel අනුරාධපුර Kiri Ahara pujawa
Foot Steps Foot Steps
353 subscribers
3,861 views
84

 Published On Aug 2, 2023

අපි ගිය අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ඇතුළුව ස්වර්ණමාලි මහා චෛයත්‍යරාජයන් වහන්සේගෙන් ආශීර්වාද ලබාගන්න.

රුවන්වැලි සෑය, රත්නමාලි ස්තූපය, ස්වර්ණමාලි මහා ථුපය , මහා ථුපය ආදී නම් වලින් හදුන්වනු ලබන මෙම දාගැබ ලක්දිව බෞද්ධයාගේ වඩාත්ම ගෞරවයට පත් වූ ස්තූපය වේ.
එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ස්තූපය තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු වලින් දෝණයක් තැන්පත් කර දුටුගැමුණු මහා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකිරීමයි.
මෙම ස්තූපය ඉදිකර ඇත්තේ මිහිදු මහා රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුට බුදුරදුන් පරිභෝග කරන ලද ස්ථානයක් වශයෙන් දක්වන ලද පුරාණයේ කුකුධ නම් වැවේ ඉහල කෙළවරක සිටුවා තුබූ ටැම් ලිපියක් අනුවය. සතුරන්ගෙන් රට මුදාගත් දුටුගැමුණු රජතුමා එම ලිපිය අනුව ක්‍රිස්තු පුර්ව 137 දී මෙම ස්තූපය තනවන ලදී. මෙම ස්තුපයේ දෝණයක් සර්වඥ ධාතු නිදන් කිරීම නිසා ස්තූපය මහා ථුපය නමින් ප්‍රකට විය.

කිරි ආහාර සදහා අවශ්‍ය ප්‍රමාණයන්
සුවඳැල් සහල් – 500g
එළ කිරි – (තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට සහ මුට්ටිය අනුව )
වියලි කජු මද – 100g
වියලි මිදි – 100g
රට ඉඳි – 200g
ඇපල් ගෙඩි – 1යි
තැඹිලි ගෙඩි – 1යි
බටර් – 50g
එනසාල් – 10g
කරාඹු නැටි – 10g
ඇපල් ගෙඩි – 1යි(කැමති පලතුරු )
මී පැණි

වන්දනා ගාථාව
සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලීති පතිතනාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

show more

Share/Embed