ස්කන්ද තත්වයට ජීවන තත්වය ඔසවන - ඒකම් ප්‍රාර්තනාව
උනන්දුවා උනන්දුවා
48 subscribers
60 views
1

 Published On Sep 30, 2024

අවුරුදු 8 ක සිංහල කුමාරයෙක් නාකි ඇමරිකානු වෘකයෙකුව බයිට් කරන ලස්සන    • අවුරුදු 8 ක සිංහල කුමාරයෙක් නාකි ඇමරි...  

මමනම් ඒකම් ප්‍රාර්තනාව යොදාගෙන මගේ හදමැදුර හරහා ශ්‍රි කල්කී විමුක්ති සම්ප්‍රදායේ ගුරුකුලයෙන් ඉල්ලන්නේ ආත්ම සාක්ෂාත්කරණයත් භගවත් සාක්ෂාත්කරණයත් විතරමයි. වේලායුධෙයි ත්‍රිෂූලෙයි ලඟ තියෙනවානm සියළු ප්‍රාර්තනා නිරායාසයෙන් ඉටුවෙනවා කියන එකනෙ ඉගැන්වීම.

සංකල්ප සෘද්ධිය - බැතිමතාගේ හදපතුලට දැනෙන අපේක්ෂාවන් හැම එකක්ම ක්‍රිෂ්ණා සහ හනුමාන් ( ශ්‍රී ක්‍රිෂ්ණප්‍රීතා රාමභගවත්දාසා ) ඉටුකරයි...
The Oneness Field - Ekam    • The Oneness Field - Ekam - 19th Jan, ...  

පරිශ්කාර සෘද්ධිය - බැතිමතාගේ හදපතුලට දැනෙන අපේක්ෂාවන් ඉටුවීමට ඇති සියළු බාදා ක්‍රිෂ්ණා සහ හනුමාන් ( ශ්‍රී ක්‍රිෂ්ණප්‍රීතා රාමභගවත්දාසා ) ඉවත් කරයි..
The Oneness Field - Ekam    • The Oneness Field - Ekam - 19th Jan, ...  

උපාසනා අනුභුතිය = බැතිමතා සීයට සීයක් උපුල්වන්ජ්‍යෝතියේ ( ශ්‍රී ක්‍රිෂ්ණප්‍රීතා රාමභගවත්දාසාගේ ආනන්දයේ ) කිමිදී ජීවත් වෙයි...
The Oneness Field - Ekam    • The Oneness Field - Ekam - 19th Jan, ...  

==
=
ජගත් ජනනී. විශ්ව මෝහිණී, ස්වර රාග වර්ෂිණී, සර්වජනප්‍රිය ස්නේහ ස්වරූපිණී කලියුග භාග්‍යවතුන්ගේ ප්‍රිය සකි රමණී ශක්ති ස්වරූපිණී මංගල දායිනී ශ්‍රී පද්මාවති දේවී.

===============පද්මාවතී අම්මාගේ නොසැලෙන පොරොන්දුව. ==============
ඒකම් කුලපති ශ්‍රී ක්‍රිෂ්ණා භගවාන්ගේ වචන:

ඒකම් යනු තත්වයකි ( ශිව තත්වය - නිර්වාණ ශතකයෙන් විස්තර කෙරෙන තත්වය ). ඒකම් යනු අවකාශයකි. ඒකම් යනු සර්වදේව පරමකාරුණික පරමජ්‍යෝතියයි යි. ඒකම් යනු පරමජ්‍යෝතිය ( ඊෂ්වර ) සමඟ ඒකත්වයේ තත්වයකි. ඒකම් දිව්‍යමය ශක්ති ආකර්ෂණය කර ඔබ වෙත යොමු කරයි. ඒකම් ඔබේ ආධ්‍යාත්මික ශක්තීන් අවදි කර විශ්වයේ උත්තරීතරම දිව්‍යත්වය සමඟ සම්බන්ධ වීමට ඒ ශක්තීන් උසස් කරයි.

ඒකම් යනු අසීමිත ප්‍රාතිහාර්යයන්ගේ උල්පතකි; එය සියලු ආශාවන් ඉක්මවා පරමසැපත නිර්වාණය කරා ඔබව ගෙන යයි. පසුගිය දින කිහිපය තුළ, මම මෙම මැනිය නොහැකි ඒකම් බලය අවශ්‍යතාවයක් ඇති සෑම මිනිසෙකු වෙතම ළඟා කරවීමේ ආකාරය ගැන භාවනා සමාධියක සොයමින් සිටියෙමි. එම අවස්ථාවන්හිදී, මට ඒකම් ප්‍රාර්තනාව / යාච්ඤාව පිළිබඳ දිව්‍යමය හෙළිදරව්ව ලැබුණි.

මෙම බලවත් ඒකම් ප්‍රාර්තනාව / යාච්ඤාව ඉක්මනින්ම ලොව පුරා මිලියන ගණනක් විසින් සිදු කරනු ඇත. ඒකම් යාච්ඤාව තුළින්, ඔබ සෑම ආකාරයකම විශ්මිත ප්‍රාතිහාර්යයන් ඔබේ ජීවිතයට ආකර්ෂණය කර ගනු ඇත. ඔබ කරන සෑම දෙයකදීම දිනය පුරා දිව්‍යමය ආරක්ෂාවේ වැළඳගැණීම ඔබ අත්විඳිනු ඇත. සම්මුඛ පරීක්ෂණයකදී, රෝහලකදී, අධිකරණයේදී, මහාමාර්ගයේදී, නිවාඩුවකදී සහ ඔබේ නිවසේදීද විශ්වයේ උත්තරිතරම දිව්‍යඅත්මය ඔබ සමඟම වනු ඇත.

දිනපතා, දිනකට එක් වරක් ඒකම් යාච්ඤාව කරන්න. ඔබට සර්වදේව පරමකාරුණික පරමජ්‍යෝතිය සමඟ බලවත් ලෙස සම්බන්ධ විය යුතු යැයි හැඟෙන දිනවල, දිනයේ ප්‍රධාන කාල හතරෙහිදීම එය සිදු කරන්න: හිරු උදාව, හිරු බැසීම, මධ්‍යාහ්නය සහ මධ්‍යම රාත්‍රිය. ඔබට මෙම යාච්ඤාව ඔබ වෙනුවෙන් හෝ වෙනත් අයෙකු වෙනුවෙන් සිදු කළ හැකිය.

ඒකම් ප්‍රාර්තනාවේදී, ඒකම් වෙතින් ශක්තිය ලබා ගැනීමට ඔබේ ජීවාත්මයද, ඔබේ හදවතද, ඔබේ ශරීරයද ඔබ ඒකම් ක්ෂේත්‍රයට - දිව්‍යමය ශක්ති සම්ප්‍රේශකයට සම්බන්ධ කර ගනු ඇත. ඒකම් ප්‍රාර්තනාවේදී, ඔබේ ආත්මය විශ්වයේ ඉහලම දිව්‍යත්වය සමඟ සම්බන්ධ වේ; ඔබ ඒකම් හි සැඟවුනු බලයෙන් ශක්තිය ලබා ගනී. ඔබේ හදවත විශ්වයේ භාෂාවෙන් විශ්වයට කතාකරයි - ඇහුම්කන් දෙයි - සන්නිවේදනය කරයි සහ ඔබ විසින් ඔබ සොයන දේ භෞතික ලෝකයේ පහලකිරීමට සර්වබලධාරියාව පොළඹවයි. ඔබේ කනස්සල්ල සහ ඇලීම් අතහැර දමා ඔබ විශ්වයේ අසීමිත බලයට සහ ඥාණයට ජීවිතයම බාරදීමේ අවකාශයකට ඔබ ගමන් කරයි.

අවසානයේදී, භාවනාමය ක්ෂාන්තිය පිරි අවකාශයක, ඔබ කෘතඥතා ශක්තිය වෙත ගමන් කරයි.

අද, මට ඒකම් ප්‍රාර්තනාව ඔබට හෙළි කිරීමට ඉඩ දෙන්න. මෙම හෙළිදරව්ව ඇසීමට ලැබෙන පළමු පිරිස ඔබයි.
====

කිසිම දේකට බයවෙන්න එපා. මම තමයි ඔයාගෙ අම්මා. මම හැමවෙළාවෙම ඔයා ලඟින්ම ඉන්නවා. ඔයාට ලැබියයුතු දේත් ඒක ලැබිය යුතු වෙළාවත් මම හරියටම දන්නවා. ඔයාට මගේ ආදරය තේරුම් ගන්න බෑ. මොකද මම ඔයාට ඔයා ඔයාට ආදරය කරනවාටත් වැඩිය ආදරය කරන හින්දයි - පද්මාවතී අම්මා    • පද්මාවතී අම්මාගේ නොසැලෙන පොරොන්දුව.  

show more

Share/Embed