රජ මාවත හරහා සිරිපා කරුණාව - Sri Padaya | Palabaddala - Adam's Peak Sri Lanka | Travel Vlog
Haritha Nimnaya - හරිත නිම්නය ®️ Haritha Nimnaya - හරිත නිම්නය ®️
445 subscribers
2,548 views
91

 Published On Mar 23, 2024

#HarithaNimnaya #හරිතනිම්නය #srilanka #travel #sripadaya #adamspeak

ශ්‍රී පලාබද්දල රජ මාවතෙන් සිරිපා කරුණාව.. 🍃👣®️

සිරිපා කරුණාව ♥️ රජෙක් වගේ විඳින්න මේ රජ මාවතේ රාත්‍රී සුන්දරත්වය... ජෛව විවිධත්වයෙන්, දිය ඇලි ගංගා වලින් වගේම සිරිපා වනාන්තරයේ පහස ලැබෙන හරි අපූරු මාර්ගයක් මේ..🌿

ඉතින් මේ ගමනනම් ටිකක් අමාරුයි. මොකද පහල පලාබද්දල පන්සලේ ඉදල උඩ මලුවට යනකම්ම එක දිගටම පඩි පෙල් තමයි තියෙන්නෙ. පඩිපෙල් 11,350කට ආසන්න ප්‍රමාණයක් අපි එක පැත්තකට කරුණා කරන්න ඕන. හිතන්නකො එතකොට දෙපැත්තට පඩි 22,700😬...

හැටන් මාර්ගයට වඩා හරිම පිරිසිදු මාර්ගයක් 💚 තමයි මේ... හරිම නිදහස් පිරිසිදු වතුර සෑම පඩි 500 කටම වරක් නොමිලේම තියෙනව. 💦 කළු ගඟේ මූලාරම්භයත් මේ කරුණාවෙදි ඔයාලට හම්බෙනවා... 😍 ඉතින් ඔයාලත් මේ පාරෙන් කරුණා කරනවනම් මේ අසිරිය ඉදිරි පරම්පරාවටත් මෙහෙමම ඉතිරි කරල පා සටහන් 👣 විතරක් පරිසරයට තබා කරුණා කරන්න.🍃♥️

ගමන කොච්චර දුෂ්කර වුනත් සමහර ගමන් තියෙනවා අනිවාරෙන් යන්නම ඕන ...🍃
බලාපොරොත්තුවෙන් ඉන්න හැමදෙනාටම කරුණා කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.....🙏🙏

මේ රජවරුන් ගමන් කල මගේ ඔයාලට බලන්න තියෙන විශේෂ ස්ථාන,💕

⭕ සිරිපාගම කීර්ති ශ්‍රී රාජසිංහ පුරාණ විහාරය
⭕ පවනැල්ල
⭕ ළිහිනි හෙල
⭕ කොකටිය කන්ද
⭕ ගැටනෙතුල අම්බලම
⭕ කලු ගගේ ආරම්භක ස්ථානය
⭕ ගෙත්තම්පාන
⭕ ධර්මරාජ ගල
⭕ සීතගගුල
⭕ හැරමිටිපාන
⭕ ගල් වංගෙඩිය
⭕ මකර තොරණ විහාරය
⭕ ආඩියාමල තැන්න
⭕ ඇහැළ කනුව
⭕ හුළං කපොල්ල
⭕ මහගිරි දඹය
⭕ උඩ මලුව

ඉතින් අපේ FB page එකත් ලයික් කරන්න. 😍 ලඟදිම මේ වගේම තවත් සුන්දර වීඩියෝ එකකින් හම්බෙනකම් අපේ චැනල් එකත් #subscribe 🤗 කරල තියාගන්නකෝ... 👉👉👉

🫵 #හරිතනිම්නය
🫵 #HarithaNimnaya

#HarithaNimnaya #හරිතනිම්නය #palabaddala #sripadaya #rathnapura #srilanka #travel #couple #nature #freedom #rajamawatha #siripagama

show more

Share/Embed