Himi Nounu nethu - හිමි නොවුන නෙතු - Bachi Susan - Flashback - Karoke
Music Nest Music Nest
5K subscribers
77,183 views
1K

 Published On Aug 12, 2021

හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්
කඳුලකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්

බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්

හුරතල් වෙවී කනට කෙදිරූ වදන්
මගෙ හිතම පිරවූ එදා
එක වචනයක් වත් කියන්නට තරම්
හිත දෙන්නෙ නැතිවද මෙදා

ආ.දරෙන් දෑත අල්ලන්
අපි එදා උන්නු සෙනෙහේ නමින්
සිනහවී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්

සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා
අද නම් ඔයා ලස්සනයි
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා
මගෙ හිතට දැන් හරි බයයි

පාළුවේ මාව තියලා දැන්
එපායන්න එපායන්න එපා
මේ තරම් හීන අතරේ
වැලපිලා ඉන්න බෑ තනිවෙලා

හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්
කඳුලකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්

බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්

Singer : Bachi Susan
Lyrics : Kasun Primal
Music : Sadaruwan Jayasinghe

show more

Share/Embed