Contrails Vs Fuel Dumping අතර වෙනස | By AeroGuru
Aero Guru Aero Guru
3.21K subscribers
470 views
69

 Published On Jul 1, 2020

ඔයාල අතරරින් ගොඩ දෙනෙක් fuel dumping එහෙම නැත්තම් fuel jettison procedure එක මම කලින් video එකේදී කථා කරපු contrails එක්ක පටලවාගෙන තියෙනවා බව කලින් video එකට පල කරලා තිබුන comments කියවද්දී තේරුණා. ඒකනිසා මම මේ කෙටි video එක හරහා කතා කරනවා contrails සහ fuel dumping ක්‍රියා පටිපාටිය වෙන් වෙන්ව අදුන ගන්න විදිය.

ගුවන් යානයක් මගින් රැගෙන යන ඉන්ධන ටොන් ගණනක් හදිසි ගොඩ බස්වීමක් මුල්කරගෙන යානයෙන් ඉවතලන්න නියමුවන් විසින් හිතා මතා කටයුතු කරනවා. අපි මේ ක්‍රියාවලිය fuel jettison procedure විදියට අදුන ගන්නවා. මේ විදියට ඉන්දන අතිවිශාල ප්‍රමාණයක් ඉවතලන්න නියමුවන් විසින් කටයුතු කරන්නේ හදිසි ආපදවක් හේතු කොටගෙන, උද හරණයකට හර්දය භාදයක් පෙලෙන ගුවන් මගියෙකුගේ ජිවිතේ බේරගන්න, එහෙම නැතම් ගුවන් යානයේම කාර්මික දෝෂයක් නිසා වෙන්නත් පුළුවන්. ඉතින් අපි මේගැන දිර්ගාව ඉදිරි video එකකින් කතා කරමු.

මේ ක්‍රියාවලිය දිහා පොළොවේ සිටින සාමාන්‍ය ගුවන් මගියෙකුගේ ඇසින් බැලුවොත් contrail එකක් වගේම jettison trail එකක් අතර ලොකු වෙනසක් හදුන ගන්න බැරි වෙන්න පුළුවන්.

හොදයි අපි දැන් මේ සිදුවීම් එකින් එක විග්‍රහ කරලා බලමු, ඔයාලට මතක ඇති මම සදහන් කරා exhuast contails ඇතිවෙන්න සැපිරිය යුතු පරිසර තත්ත්ව ගණනාවක් ගැන. පරිසරයේ උස්ණත්වය ගොඩක් අඩුවෙන්න ඕන, ඒවගේම සුළගේ වේගය ආද්‍රතාවය වගේ කරුණු ගණනාවක් එකම මෝහොතක සැපිරිනුනොත් විතරයි contrail එකක් වලා වලිගයක් ඇතිවෙන්නේ.

Exhuast contrail එකක් අපි හොදන් නිරීක්ෂණය කරනවා නම් ඔයාට දැක ගන්න පුළුවන්, එන්ජිමෙන් පිටකරන Exhuast gass එක පිට වුනු මොහොතේම අයිස් භාවට පරිවර්තනය වෙන්නේ නැ කියල. ඒ කියන්නේ එනජිම තුලදී අංශුන් ලබා ගත්ත තාප ශක්තිය පරිසරයට මුදා හැලරලා අයිස් භාවට පරිවර්තනය වෙන්න යම් කාලයක් ගත වෙනවා, ඉතින් එක නිසා තම එන්ජිමත් නිර්මාණය වෙමින් පවතින contail එකක් අතර හැම විටම පරතරක් පවතින්නේ.

දැන් අපි jettison trail එකක් contrail එක්ක සන්සන්දයන කරලා බැලුවොත් ඔයාට දැක ගන්න පුළුවන් jettison trail එකත් වගේම යානය අතර පරතරක් නොමැති බව. ඒවගේම නියමුවන් විසින් පරිසරයට ගුවන් ඉන්ධන මුදා හරින්න කලින් ATC හරහා සහය පතනවා, ඒ සදහා පවත්වා ගතයුතු උස සහ මුදා හැරිය යුතු ප්‍රදේශයන් පිලි බදවත්, ඒ වගේම අවට කලාපයේ රැදී සිටින අනෙක් ගුවන් නියමුවන් මේ හරහා දැනුවත් කෙරෙනවා. ඉතින් මෙ වෙලාවේදී ගුවන් ඉන්ධන පරිසරය මුදාහැරෙන්නේ බොහෝ වෙලාවට අඩි 8000 අතර සීමාවේදී, මේ වෙලාවේදී jettison nozzel එක හරහා පිට වෙන ගුවන් ඉන්ධන වගේම යානයට දක්වන වාත ප්‍රතිරෝදය නිසා ගුවන් ඉන්ධන දහනය වේගවත් වෙනවා.

ගුවන් ඉන්ධන මුදා හැරිම සම්බන්ද විවිද නීති රීති පනවලා තියෙනවා, එවගෙම් මේ නීති නියම ආකාරයට පිලි නොපද්දොත්, පාරිසරික ගැටළු ගණනාවකට මුහුණ දෙන්නත් සිදුවෙනවා. ඉතින් fuel jettison procedure ගැන අපි ඉදිරි video එකකින් දිර්ගාව කථා කරමු.


BE MY FRIEND:
🌍 My website / blog - https://www.aeroceylon.com

📸 Instagram -   / poojithaweerasi.  .
🐦 Twitter -   / wpoojitha  
📕 Facebook -   / poojithaweerasingha  

WHO AM I:
I'm Pooji, an Aviation industry professional working at Axinom, LK. I make videos about Aviation, technology, productivity, and lifestyle design. I also have a weekly podcast with one of my friends Achala. (https://www.dropshippers.club).

🌍 My website / blog - https://www.aeroceylon.com

GET IN TOUCH:
If you’d like to talk, I’d love to hear from you. Tweeting @Wpoojitha directly will be the quickest way to get a response, but if your question is very long, feel free to email me at [email protected]. I try my best to reply to things but there sadly aren't enough hours in the day to respond to everyone 😭

PS: Some of the links in this description are affiliate links that I get a kickback from 😜

show more

Share/Embed