JLanka නව මානයක කතිකාව - 7 වන කොටස - පරිසරවේදී තිලක් කන්දේගම
JLanka Technologies JLanka Technologies
4.87K subscribers
50,610 views
794

 Published On Jun 30, 2017

ඉස්සෙල්ලාම අපි අවබෝධ කර ගන්න ඕන කෘෂිකර්මය හෙවත් ගොවිතැන කියන්නෙ සොබාදහමේ තවත් එක් සිදුවීමක් පමණයි කියල. ඒ සඳහා සොබාදහමේ තියෙන අව්ව වැස්ස සුළං වැනි සංසිද්ධින්වල රීතිය රිද්මය සහ රටාවන් අපි හඳුනාගන්න ඕන.

කෘෂිකර්මයේ අර්බුදයට විසඳුම් හොයන්න අපිට මුළු මන්දාකිණිය ගැනම අවබෝධයක් ගන්න වෙනවා. විශ්වයේ ආරම්භය සහ විනාශය ගැන ස්ටීවන් හෝකින්ස් පළකරන මහා විදාරණය හා කාලආවාටය සම්බන්ධ අදහස් බුදුදහමේ කියැවෙන අග්ගඤ්ඤ සූත‍්‍රය හා බ‍්‍රහ්මජාල සූත‍්‍ර මගින්ද පැහැදිලි කරනවා. බුදු දහම ඉන් ඔබ්බටද යමින් පෘතුවිය මත ජීවය පහලවීම හා ශාක සත්ත්ව ප‍්‍රජාවන් ඇතිවීමද විග‍්‍රහ කරනවා.

මෙතනදි අපි මතක තියාගන්න ඕන මූලිකම කාරණය තමයි ශාක ජීවියාට පමණයි හැකියාව තියෙන්නෙ සූර්ය ශක්තිය උරාගෙන ආහාර නිෂ්පාදනය කරන්න. ඒ ශක්තිය පරිභෝජනය කරපු සත්ත්ව ජීවීන් කාලාන්තරයක් තිස්සෙ බොහොම සහයෝගෙන් ජීවත් උනා. නමුත් මේ නූතන මානවයා වන හෝමෝ සේපියන්ස් සේපියන්ස් තමයි තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සොබාදහම වෙනස් කරන්න පටන් ගත්තෙ.

මේ නූතන මිනිසා කරපු ලොකුම වරද තමයි පොළව යට සූර්ය ශක්තිය විදියට තිබුණ පොසිල ඉන්ධන දහනය කරපු එක. ඒකේ සාපය තමයි දැන් මේ ගෙවන්නෙ. කාලගුණය වෙනස් වෙලා තියෙන එකට ලොකුම හේතුව මිනිසාගේ මේ ක‍්‍රියාකාරකම් තමයි. වෙලාවකට හිතෙනවා මේ නූතන මිනිසා පිටසක්වලින් පර්යේෂණයක් සඳහා පෘතුවියට එවපු සතෙක්ද කියල.

තිරසර හෙට දිනට ලෝකය ගෙන යන නවමානය සොයන සංවාදාත්මක ප‍්‍රවේශයක් ලෙසින් JLanka Technologies සමාජගත කරන නවමානයක කතිකාවට එක්වෙමින් පරිසරවේදී තිලක් කන්දේගමයන් සමඟ කෘෂිකර්මයේ නව මානය සොයන්නයට ඔබත් එක්වන්න.

වැඩිදුරටත් www.nawamaanaya.jlanka.com වෙත පිවිසෙන්න. JLanka නවමානයක කතිකාව Derana TV 24x 7 නාලිකාවෙන් සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 8.30 ට සහ සෑම බදාදාවකම පෙරවරු 8.30 ට නරබන්න.

show more

Share/Embed