දුම්බර කඳුකරයේ හමුවූ සුන්දරම වගාබිම | කළු ණික | කපුඅටුවා ලෙනට යන මඟ |හෙළ ගොවිබිම් | Solo Hiker |
Solo Hiker Solo Hiker
155K subscribers
99,416 views
0

 Published On Apr 29, 2022

#forest_cultivation #cultivation #village
#rural_village #culture #villagelife
දුම්බර කඳුකරයේ සැඟවුණු ගම්මාන සොයා තනිව යන ගමනක් | Youtube Series | Solo Hiker |

01- නාරංගමුව ගම්මානයට අයත් ලකේගල ගිරි මුදුන සොයා තනිව ගිය ගමන
Video -    • LAKEGALA SOLO - ලකේගල ගිරි පර්වතය සොය...  

02- ලකේගල එක ගිරි මුදුනක තිබූ නිදහස
Video -    • LAKEGALA SOLO - ලකේගල ගිරි මුදුනක් කර...  

03 - ගම්මානයේ කතාබහක්
Video -    • දුම්බර කඳුකරයේ සැඟවුණු ගම්මාන සොයා තන...  

04 - කිසිදා නොසිඳෙන ලකේගල වැව සොයා මහතුං මාමා සමග
Video -    • කිසිදා නොසිඳෙන LAKEGALA වැව සොයා | දු...  

05 - සුමුදු එක්ක ගම වටේ
Video -    • Sumudu Ekka Gama Wate | දුම්බර කඳුකරය...  

06- Solo Camping | හේන් වගා බිමක |
Video -    • Video  
07 - දුම්බර කඳුකරයේ හමුවූ සුන්දරම වගාබිම
Video -    • දුම්බර කඳුකරයේ හමුවූ සුන්දරම වගාබිම |...  




අතීතයේ කඳුකරයේ විසූ ජනතාවගේ වාසස්ථාන භූමියක්ව පැවත පසුව ලෝක උරුමයක් බවට පත්වූ knuckles රක්ෂිත වනාන්තරය, මේ වන විට සංචාරක මිනිසුන්ගෙන් පමණක් මිනිස් පහසක් ලබන වනාන්තරයක් ලෙස හැඳින්විය හැක.
අතීතයේ මෙම කඳුකරයේ කඳු මුඳුන් වල පවා ජනාවාස තිබූ අතර, සාමාන්‍ය ගැමි ජන ජීවිතයක් ඔවුන් ගෙවා ඇත, නමුත් රක්ෂිතයෙන් ඉවත් කිරීමත් සමඟ ඔවුන් නගර කරා තම වාසභූමි මාරු කර අතර සමහරක් පමණක් අදටත් එම කඳුකරයේම කඳු පාමුළ වන්නට ජනාවාස ඉදිකර ජීවත් වේ.
මෙම ගම්මාන අදටත් නාගරීකරණයෙන් තොරව, ගැමි ජීවිතයෙන් පොහොසත් සුන්දර ගම්මාන ලෙස වනන්තර මායිමේ නිදහස් , සරළ දිවි පෙවතක් ගෙවයි,

ඔවුන්ගේ ජීවන රටාව , එම ගම්මාන වල ඉතිහාසය සහ ගොවිතැන , ආහාර පාන මෙන්ම ඇදහිළි හා විශ්වාස ඔවුන්ටම ආවේණික ගති ලක්ෂණ පෙන්වයි .

මෙවෙනි කඳුකරයේ සැඟවුණු ගම්මාන වල ජීවිතය  සොයා තනිව යන ගමනේ මා පළමුවෙන්ම තෝරා ගත්තේ සුන්දර ලකේගලට මායිම් වූ ඉතිහාසයේ විශේෂ කතා සහිත නාරංගමුව ගම්මානයයි.

ගම්මානයට මා මුලින්ම පය තබන්නේ සුන්දර නාරංගමුව ලකේගල සොයා යන ගමනෙන්, පසුගිය සතියේ එම රූපරාමු ඔබ වෙත ගෙන ආ අතර, ලකේගල කඳු තුනෙන් දෙකක පහස මා නිදහසේ විඳි ආකාරය යම් තරමකින් හෝ ඔබට සමීප කිරීමට මා සමත් වූවා යැයි මා සිතමි.
මෙම ගම්මානය මා හට සුවිශේෂී වන්නේ එහි ගිය පළමු වරම මා අත්දුටු සුන්දර අත්දැකීම් අදටත් මා සිතේ ලැගුම්ගත් නිසාවෙනි.

නැවතත් නාරංගමුව ගම්මානය සොයා ගම්මානයට ඇතුල් වනවාත් සමඟම මා කන වැකුණේ පරණ ගුවන් විදුලියකින් ඇසුණු 80-90 දශකයේ ගීතයකි. එය දුරස් වනවත් සමඟම මා සුන්දර වෙළ් යායක් පසුකර මුතු අයියාගේ නිවසට ලඟාවිය.

සවස් යාමයේ මුතු අයියාගේ නවාතැන් පලේ සිට සොඳුරු කතාබහකට මුල පුරමින් සිටියදි එහි ලඟා වූ මහතුං මාමා නිසා එය තවත් සුන්දර විය, knuckles වනාන්තරය මැද්දේ තනිවම දිවි ගෙවන මහතුං මාමා ගැන විස්තරයක් පසුව ගෙන එන්නම් .

සුන්දර කතා බහකින් දවස නිමා කල නින්දට ගිය මා පසුදෑ උදෑසන අවදි වූයේ පසුදා අළුයම  5 ට පමණය. Alarm කිසිවක් නොමැතිව පාන්දර අවදි වීම පුදුම සහගතය, ඒ අන් කවරක් නිසා නොව කුරුල්ලන්ගේ නාදය නිසාවෙනි. වෙනදා අළුයම අවදි වන විට තිබෙන කම්මැලි කම අලස කම අද නැත, ඇත්තේ ජවයෙන් පිරි නැවුම් සිතකි. සොබාදහම අපූරුය, සිතේ නිදහසින් දවස ආරම්භ කල මා ගම්මානයේ වතගොත විමසීමට පුද්ගලයින් කිහිප දෙනෙක් තෝරාගත් අතර, එම කතාබහ රූප රාමු තුලින්ම ඔබට දැක බලාගැනීමට ඉඩහරිමින් මම නවතින්නම්.

කඳුකරයේ සොඳුරු ගම්මාන සොයා තනිව යන ගමනේ තවත් රසවත් කතා බහකින්,අළුත් දෙයකින් නැවතත් ලබන සතියේ හමුවෙමු 🙏💙🌿❤

""මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට

සරැ පස පොළොවෙන් වැහි බිදු අහසින්
සරැ පස පොළොවෙන් වැහි බිදු අහසින්
මිණි කැට මුතු ඇට මගෙ සිරිලක ඇත
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට

මගෙ සිරිලක ගැන ලොවට කියමි මම
මගෙ සිරිලක ගැන ලොවට කියමි මම
සුර පුරයක් වෙන ලොවේ මෙවැනි නැත
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට

එඩිතරකම ඇති කම්මැලිකම නැති
එඩිතරකම ඇති කම්මැලිකම නැති
ලමයි සිටින රට මගෙ මේ සිරිලක
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට

එඩිතරකම ඇති කම්මැලිකම නැති
ලමයි සිටින රට මගෙ මේ සිරිලක
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට""

කපුඅටුවා ලෙනට යන අතරමග හමුවූ මා මෙතෙක් දැක තිබූ සුන්දරම වගාබිම වන මෙහි රූපරාපු ඔබ හමුවේ තැබීමට මා උත්සුක වූයේ එහි ඇති සුන්දරත්වය මගහැරීමට නොහැකි නිසා මෙන්ම, මෙම කඳුකරයේ ජීවත් වන සුන්දර මිනිසුන්ගේ ජීවිතය ගැන තරමක් හෝ අදහසක් ඔබට ලබාගහැකිවේයැයි සිතාය,
සීත ප්‍රදේශ වල මෙන්ම වියළි ප්‍රදේශ වලද වැවෙන එළවළු සියල්ලම පාහේ මෙම කඳුකරයේ සරුවට වැවීම පුදුම සහගතය.
කිසිදා නොසිඳෙන ලකේගල වැවේ ජලයෙන් ස්වයංපෝෂිත වූ මෙම හේන් ගොවිතැන් නිසා ගම්මානයේ ජනතාව වසර පුරාම තම ආහාර අවශ්‍යතා සපුරා ගන්නා අතර එයින් ආදයමක්ද ලබාගනී,
වසවිසින් තොර පිරිසිදු එළවලු රසයෙන් පහස ලබන මෙම ගම්මානයේ ජනතාව අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටින අතර,
වර්තමානයේ රටේ තත්වය හමුවේ , මෙම මිනිසුන් තමන්ගේ අනාගතය කෙරෙහි බිය වීම නගරයේ මිනිසුන්ට සාපේක්ෂව අඩුය, හේතුව වන්නේ මුදලට වුවද ඉදිරියේ අපට ගැනීමට අවශ්‍ය ආහාර වල බලපතල හිඟයක් පවතින නිසාවෙනි,
වගාබිම් මෙන්ම මනුස්සකමින්ද ස්ව්‍යංපෝෂිත කඳුකරයේ සොඳුරු මිනිසුන් ඇසුරට ලැබීමද පිනකි, මා දැන් මෙම ගම්මානවල ජීවත් වන සියළුම මිනිසුන් පාහේ අඳුරාගෙන අවසන්ය, හිතට ගතට සැනසුමක් අවශ්‍ය හැම මොහොතකම, මා දිව යන්නේ මේ කඳුකරයේ ගම්මාන සොයාය, එම අත්දැකීම් ඔබ වෙත ගෙනහැරීමේ දරන ලද උත්සහයේ පස්වන දිගහැරුම ඔබ වෙත ගෙන ආ අතර මීට පෙර ගෙන ආ රූපරාමු නැරඹූ කෙනෙකූ නොවේ නම් ඒවා නරඹන ලෙස ඔබට ආරාධනා කරමින් මම නවතින්නම්, මෙම රූපරාමු වල ඉතිරි කොටස, මහා ගල් පර්වතයක් මැද්දෙහි පිහිටා ඇති ගල් ගුහාවක් සොයා ගිය ගමන ලබන සතියේ ගෙන එනකම් ඔබ සැමට ජය ❤💚🍃🙏

show more

Share/Embed