තිත්ත ඇට! Watch the Magic Happen! Bitter Seeds to Peanuts Turning into a Healthy Treat | Tholol
Traditional Cookbook Traditional Cookbook
55.8K subscribers
3,345 views
152

 Published On Aug 21, 2024

Bitter Seeds - Thiththa Ata (Tolol)

Tolol
Trichadenia zeylanica | Achariaceae ☘️🫒🌳💚

Tolol, scientifically known as Trichadenia zeylanica, is a tree found in the wet zone forests of Sri Lanka. It’s endemic to the island and comes in two varieties:

🔹 Bitter Tolol
🔹 Tolol

The tree is notable for its large leaves. Historically, oil from the Tolol seeds was used to light lamps, much like coconut oil. Tolol trees bear fruit once a year, producing round yellow fruits containing two or three seeds. These seeds are collected from beneath the tree, cleaned, and processed.

The Tolol tree is endemic to Sri Lanka's wet zone and is primarily found in limited areas such as the Sinharaja World Heritage Forest and Kanneliya. The plant covers the canopy layer and blooms around May, with fruits ripening by August. The fruit’s skin is a favorite food of bats, and seeds dropped by bats are traditionally collected by villagers to prepare delicious dishes.

Once gathered, the seeds are soaked and split, separating the kernel. The kernel has a slightly intoxicating and bitter taste. To remove this bitterness and intoxication, the kernels are soaked in clean, running water overnight. After this process, they are safe to eat.

Traditionally, the soaked seeds are prepared with condiments like chili sambol or coconut and used in various rural dishes. Let’s make an effort to preserve this indigenous culinary tradition.

Adapted from internet sources

තිත්ත ඇට (තොලොල්)

තොලොල්
Trichadenia zaylnica | Achariaceae ☘️🫒🌳💚

පහතරට තෙත් කලාපයේ සරුවට වැඩෙන වනාන්තරවල තිබෙන ගසක් වන තොලොල් ගසේ උද්භිද විද්‍යාත්මක නාමය TRICHADENIA ZEYLANICA යි. මෙයත් ශ්‍රී ලංකාවට ආවේණික ගසකි. මෙහි වර්ග දෙකක් හමුවේ.

🔹තිත්ත තොලොල්
🔹තොලොල්

මේ ගසේ විශාල පත්‍ර දැකගත හැකිය. පුරාණයේ කැකුණ ගෙඩිවල තෙල්වලින් මෙන් තොලොල් තෙල්වලින් ද පහන් දල්වා තිබේ. තොලොල් ගස්වල වසරකට වරක් ඵල හට ගනියි. රවුම් කහ පැහැති පලයක් හට ගන්නා අතර එහි බීජ දෙකක් හෝ තුනක් තිබේ. ගස් යටින් එකතු කර ගන්නා ගෙඩිවල පොත්ත ඉවත්කර ගෙන බීජ හොඳින් සෝදා ගත යුතුය.

ශ්‍රී ලංකාවට ආවේණික තෙත් කලාපයේ පමණක් දක්නට ලැබෙන තොළොල් ශාකය සිංහරාජ ලෝක උරුම වනාන්තරය, කන්නෙලිය ඇතුළු සීමිත ප්‍රදේශයක පමණක් ව්‍යාප්ත වී ඇත. මෙම ශාකය වියන් ස්ථරය ආවරණය කරයි.

මැයි මාසය පමණ වන විට මල් හටගන්නා මෙහි අගෝස්තු මාසය පමණ වනවිට ගෙඩි ඉදෙන අතර ඒවායේ පොත්ත වවුලන්ගේ රසවත් ආහාරයකි. වවුල්පොළ වල එකතුවන තොලොල් ඇට එකතු කර ගන්නා අතීතයේ ගැමියා ඒවයෙන් රසවත් කෑම සාදාගනී.

තොළොල් ගස් යට ඉදී වැටෙන, වවුල්පොළ වලින් එකතු කරගන්නා ඇට මුට්ටියක දමා හොඳින් තම්බා ගත යුතු අතර, පසුව ඒවා දෙකට කපා හෝ තලා මදය වෙන්කරනු ලබයි. එම මද මත්වන සුළු හා මද තිත්ත ගතියකින් යුක්ත වේ.

තිත්ත සහ මත් ගතිය ඉවත් කිරීම සඳහා පිරිසිදු ගලායන ජල පහරක මද සහිත පැස පුරා රැයක් බැඳ තබනු ලබයි. දැන් තොළොල් මද ආහාරයට ගත හැකිය.

තම්බා කොච්චි සම්බෝල හා පොල් සමඟ හෝ වෑංජනයක් ලෙස මෙන්ම විවිධ ආකාරයෙන් යොදා ගැනීම් ග්‍රාමීයව ඇත. දේශිය පාරම්පරික පරිභෝග ආහාර වියැකී යන්නට නොදී රැක ගැනීමට උත්සාහ කරමු....!

.
.
.
.

©️ උපුටා ගැනීම 🌷

අන්තර්ජාලයෙන්

✅ Follow Us on social media:
✅Facebook:   / fbtraditionalcookbook  
✅Instagram: https://www.instagram.com/traditional...
✅Tiktok: https://www.tiktok.com/@traditional_c...
✅Official Website: https://traditionalcookbooklk.com/

#bitterseeds #tholol #thiththata #villagerecipe

show more

Share/Embed