Veedi Kone Mawatha Addara (වීදි කොනේ මාවත අද්දර) - Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි)
gee rhythm gee rhythm
753 subscribers
481 views
9

 Published On Dec 23, 2019

වීදි කොනේ මාවත අද්දර
හඬනා කිරි දරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූ දා
පියා කොහේ දැයි මවගෙන් අසනු එපා

මමත් පියෙකි පුත නුඹ වැනි දරුවෙකුගේ
මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
බලා ඉඳිමි මම නුඹ නළවන්නට
පොඩි හිස අතගා සුරතල් පුතේ කියා

වීදි කොනේ මාවත අද්දර
හඬනා කිරි දරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූ දා

පියා කොහේ දැයි මවගෙන් අසනු එපා

පියෙක් ඉඳීයි පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැතිද ඒ සෙවණේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරි දත් පෙන්නා
මා අමතනවිට සුරතල් පුතේ කියා

වීදි කොනේ මාවත අද්දර
හඬනා කිරි දරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූ දා

පියා කොහේ දැයි මවගෙන් අසනු එපා


Artist/s :#Milton_Mallawaarachchi #Gee_rhythm


I am not the owner neither the music nor the images. They belong to their original owners.

show more

Share/Embed