Govidhuni ~ Nanda Malani ~ ගොවිඳුනි මේ සිරි යහනේ විරහී වැළහින්නකි මා
sanjeeva harshani sanjeeva harshani
56.1K subscribers
2,339 views
37

 Published On Dec 1, 2017

ගොවිඳුනි මේ සිරි යහනේ
විරහී වැළහින්නකි මා
රතිකෙලි රමණි
සිහිකර පැරණී
යමුනා නදියද කැළඹේ...
ගොවිඳුනි මේ සිරියහනේ....//

පියයුරු මඩලේ
තැවරුණු දෙතොලේ
සුවඳින් සැනහෙමි
මිහිරේ.....//
හීසර මෙන් හද දවමින්
තුරු සිදුරින් එයි සඳකැන්
යෝනන් නැළවෙන මේ රෑ
වියොවින් කැළැඹෙයි රාධා...

ගොවිඳුනි මේ සිරියහනේ ....

වස්දඬු රාවේ
හඬ අනුරාගේ
පැතිරේ දෙසවන් පෑරේ..//
මද රදගෙන් ලැබ රිදවුම්
තුණුසපුවෙන් නැත ගැළවුම්
සළෙලුන් වෙහෙසෙන මේ රෑ
වියොවින් කැළැඹෙයි රාධා ....

ගොවිඳුනි මේ සිරියහනේ .....



පදමාලාව - සුනිල් ආරියරතන
ගායනය - නන්දා මාලිනි
තනුව - එම්. මෝහන්දරාජ්

show more

Share/Embed