Maa Sandata Kamathi Bawa - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne ft. Sugath Hettiarachchi
Dr. Rohana Weerasinghe Official Dr. Rohana Weerasinghe Official
421K subscribers
1,031,275 views
12K

 Published On Premiered Oct 8, 2022

Maa Sandata Kamathi Bawa (මා සඳට කැමති බව) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne | Andaharaya

S tream Now : link: https://ceymusic.lnk.to/MaaSandataKam...


නූතන සංගීත ක්ෂේත්‍රයේ සිදුවන අලුත් අලුත් සංකල්පයන් ඇසුරු කරන්නට මහත් රුචියක් දක්වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හා විශාරද ආචාර්ය නන්දා මාලිනිය මීට වසර 2 කට පමණ ඉහතදී "තරුද නිදන" ගීතයේ Re make එකක් කළා ඔබට මතක ඇති.එය අද වනවිට මිලියන 2 කට ආසන්න රසික පිරිසක් රසවිද ඇතිබව දකින්නට ලැබීම මහත් සතුටට කරුණක්.වසර 40 ක් පැරණි මේ ගීතය අද පරම්පරාව මෙතරම් ආසාවෙන් වැළදගන්නේ එහි ඇති සංගීතමය නව්‍යතාව නිසයි.
මෙවරද එතුමා සහ එතුමිය තවත් ජනප්‍රියතම ගීතයක් තරුණ පරපුරේ විශිෂ්ට සංගීතවේදියෙකු වන සුගත් හෙට්ටිආරච්චිගේ නව සංගීත සංයෝජනයෙන් යුතුව ඔබට තිළිණ කරනවා. ඒ මීට වසර 15 කට පමණ ඉහතදී "අඩහැරය" ගීතාවලිය සදහා මවිසින් නිර්මාණය කරනලද "මා සදට කැමති බව" ගීතයයි.

පද රචනය: සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
ගී තණුව: ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය: ආචාර්ය නන්දා මාලිනී
සoගීත සoයෝජනය: සුගත් හෙට්ටිආරච්චි
නාද ශික්ෂනය: සදරු ගමගේ

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන්

නොඉඳුල් තොල්පෙති අතරින්
උදුරා ගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුළැලි ගෙනාව

එක්ටැම්ගෙයි සිරගත කර
සමනළියක අනාථ
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන්

#rohanaweerasinghe #nandamalini #SunilAriyaratne

show more

Share/Embed