රනිල් අනුර හොර දේශපාලන ඩීල් එකට රැවටෙන්න එපා.
Sajith Premadasa Sajith Premadasa
116K subscribers
1,369 views
24

 Published On Sep 18, 2024

රනිල් අනුර හොර දේශපාලන ඩීල් එකට රැවටෙන්න එපා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක ඩීල් සන්ධානයේ පැත්තද රටේ සංවර්ධන කටයුතු සිදු කරන පොදුජන යුගයට වරම ලබා දෙනවාද කියා තීන්දුව ජනතාවගේ අතේ ඇති බවත් රනිල් අනුර හොර ගිවිසුම හොර ඩීල් දේශපාලනයට රැවටෙන්නේ නැතිව එම හොර ඩීල් දේශපාලනය අවසන් කර පොදුජන යුගය පොඩි මිනිසාගේ යුගය බිහි කිරිමට එක්වන ලෙසත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 64 වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 16 වෙනිදා මාතලේ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දි අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.

ගෝඨාභය රාජපක්ෂ පාලනයත් රනිල් වික්‍රමසිංහ පාලනය මෙරට දුගී දුප්පත්භාවය ඉහළටම ඔසවා ඇති නිසා දුප්පත්කම තුරන් කරන්න ස්ථිර වැඩපිළිවෙළක් සකස් කරන බවත් සදාකාලික සහනාධාර ලබන්න දුප්පත් ජනතාව කැමති නැති නිසා මාස 24ක් තුළ මසකට රු 20000 බැගින් ලබා දී අදියර 5ක් යටතේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ගොවියාත් පාරිභෝගිකයාත් දෙදෙනාම ආරක්ෂා කරනවා

කිලෝ 50 පොහොර මිටිය රු. 5000ට සමගි ජන බලවේගය ලබා දෙන බවත් ලොකු ලූණු ගොවියා රකින බවත් රනිල් වික්‍රමසිංහ කරන්නේ ලංකාවේ ලූණු, බඩඉරිගු, අර්තාපල් නෙලන විට ඒවා විදේශයෙන් ගෙන්වීමට කටයුතු කරන බවත් ගොවියාත් රකින පාරිභෝගිකයාත් රකින මේ පාර්ශ්ව දෙකම ආරක්ෂා වෙන වැඩපිළිවෙලකට සමගි ජන බලවේගය යොමුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි සහන ලබා දෙන්නේ කෝටිපතියන්ට නොවේ

ගොවියන්ට සහන මිලට පොහොර දෙන විට ගොවියාට ධීවරයාට ත්‍රීරෝද හිමියන්ට පාසල් බස් රථ හිමියන්ට ශක්ති සහල් මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරය ලබා දෙන බවත් මේ ඉන්ධන සහනාධාරය ලබා දෙන්නේ කෝටිපතියන්ට නොව වැඩ කරන ජනතාවට බවත් කෝටි ප්‍රකෝටිපතියන්ට සහන ලබා දෙන්න අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රැකියා විරහිත තාරුණ්‍යට වගා නොකළ තේ ඉඩම්

තේ කර්මාන්තයේ නියැලෙන කම්කරුවන් ලෙස ලැයිම් කාමරවල සිටින පුද්ගලයන්ට සහ රැකියා නොමැති තරුණ ප්‍රජාවට වගා නොකළ ඉඩම් ලබා දී ඔවුන්ව කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගන්වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

තරුණ තරුණියන් වෙනුවෙන් නව වැඩපිළිවෙළක්

තරුණ තරුණියන් වෙනුවෙන් නවීන පන්නයේ ජාත්‍යන්තර ගුණාත්මකභාවයෙන් යුත් තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ඇති කර පරිගණක විද්‍යාව, විදේශීය භාෂා පුහුණුව, තොරතුරු තාක්ෂණය ආදිය තුළ සවිබල ගන්වන බවත් ඒ තුළින් තරුණයන්ගේ විරැකියා ගැටලුවට විසඳුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සියලු පාසල් සහ රෝහල් සුහුරු කරනවා

භෞතික හා මානව සම්පත් හිඟයට විසඳුම් ලබා දී සියලු පාසල් සහ රෝහල් සුහුරු බවට පත් කරන බවත් රෝහල් පද්ධතිය සහ පාසල් උසස් මට්ටමකට ගෙන එන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ 40000කට ආදී සියලු දෙනාට සහන ලබා දීමට ද කටයුතු කරන බවයි.

පරිපාලන දිස්ත්‍රික් 25ටම ජනාධිපති කාර්ය සාධන බලකායක්

මෙරට පරිපාලන දිස්ත්‍රික් 25 කේන්ද්‍ර කර ගෙන ජනාධිපති සංවර්ධන කාර්ය සාධන බලකායක් ඇති කරන බවත් ඒ තුළින් සියලු පරිපාලන දිස්ත්‍රික්වල සංවර්ධන කටයුතු සෘජුව අධීක්ෂණය කරනවා සේම ජනතාවට ජනාධිපතිවරයාට සම්බන්ධ වීමට වෙනමම ඒකකයක් ඇති කරන බවත් ජනාධිපතිවරයාත් ජනතාවත් අතර විධිමත් සම්බන්ධතාවක් ඇති කර ගෙන නගර හා ගම් හදා ගම් උදා කරන නගර උදා කරන වැඩපිළිවෙළකට යොමු වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

show more

Share/Embed