Siripa karunawa |කෝඩු කාරයින් 12 ක් සිරිපා වැන්දවූ අපේ සිරිපා ගමන||​සිරිපා කරුණාව 2023|
Dium Online Dium Online
5.99K subscribers
9,130 views
211

 Published On Jan 26, 2023

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳුවැටියක් වන "සමනල කන්ද" කේතු හැඩැති කන්දකි. උච්චතම ස්ථානයේ උස මීටර 2215 කි. සිරිපා අඩවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380 ක් පමණ වේ. සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ තෙවන උසම කන්දයි. රත්නපුරය හා නුවරඑළිය යන දිසාවන්ට මැදිව පිහිටා තිබේ. මෙම පූජනීය ස්ථානය සිංහල බෞද්ධයන්ගේ වසර 2500 කට අධික ලිඛීත ඉතිහාස කතා ප්‍රවෘර්තින් තුල මේ පිළිබදව මනාව සදහන් වේ.

සම්මා සම්බුදු බුදු පියානන් වහන්සේ දෙවන වර නාගදීපයට වැඩි අවස්ථාවේ මණිඅක්ඛ්ත නාරජුන් කළ ආරාධනයට අනුව පන්සියයක් භික්ෂූන් පිරිවරා කැලණියට වැඩමවා දහම් දෙසා ,සමන් දෙවියන්ගේ ඇරයුමෙන් සමනල කදු මතට වැඩමවාකොට වාම සිරිපා පත්මය පිහිටුවා වන සේක .

☸☸☸☸☸☸☸☸
යං නං ම දාය නදියා පුලිනේච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ සුමනාච ලග්ගේ
යං තද්ද යොනක පුරේ මුනිනොච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි !
🙏🙏🙏

සම්බුදු සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කීපයකි. මකර තොරණ, ශීත ගඟුල, අහස් ගව්ව, හැර මිටි පාන, ඉදිකටුපාන, ගෙත්තම්පාන, ධර්මරාජගල, ගෝන තැන්න, ඇහැතු කණුව, මහගිරි දඹය, සිරිපා මළුව හා සිරිපා පද්මය හා‍ දොලොස් මහේ පහන ආදියයි. සිරිපා මළුවට යන බැතිමත්හු සම්බුඳු සිරිපා වන්දනයෙන් පසු තමන් ගිය වාර ගණන අනුව ඝණ්ටාව නාද කිරීමට මහත් උනන්දුවක් දක්වති. එසේම හිරු සේවය නැරඹීමටද කවුරුත් දක්වන්නේ මහත් උනන්දුවකි.

සමනල අඩවියේ වාර්ෂික වර්ෂාපතන සාමාන්‍ය මිලිමීටර් 5000 කි. වසරේ මාස හයක්‌ පුරාවට ඉතා හොඳ වර්ෂාපතනයක්‌ මෙහි පවතී. නිරිතදිග මෝසම පවතින මැයි - ජුනි - ජුලි මාසවලදී වැඩිම වර්ෂාපතනය සමනල අඩවියට ලැබේ. දෙසැම්බර් - ජනවාරි - පෙබරවාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය ඉතා අඩුය. එබැවින් කාලගුණික බාධා මෙම සමයේදී අවම බැවින් ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ආරම්භව වෙසක්‌ පොහොය දක්‌වා පවතී. නිරිතදිග මෝසම් සමයේදී ගණ, තද මිහිදුම් පතනයක්‌ද සමනල අඩවියට තිබේ. මෙනිසා මෙම සමයේදී අධික සීත දේශගුණයක්‌ සමනල අඩවියෙන් හා ශ්‍රීපාද මළුවෙන් වාර්තාවේ. මෙහි වාර්ෂික උෂ්ණත්ව සාමාන්‍ය සෙන්ටි්‍රග්‍රේඩ් අංශක 15 කි. එහෙත් මැයි - ජුනි - ජූලි සමයේදී අංශක - 5-10 දක්‌වා වුවද උෂ්ණත්වය පහළ බැසිය


☸ ඒ භගවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ වාම ශ්‍රී පද්මයට,ශ්‍රී පා කමලට මාගේ නමස්කාරය වේවා...!!!

☸උතුම් ශ්‍රී පාද පද්මයේ අනුහසින් මටත් , ඔබ සියලුම දෙනාටත් සෙත් වේවා.....!!!

show more

Share/Embed