මානසිකව කඩාගෙන වැටිලා නම් ආයෙත් නැගිටින්න මෙහෙම කරන්න : With Free CBT Journal to Download
Science With Ruchira Science With Ruchira
523K subscribers
241,093 views
14K

 Published On May 25, 2024

අද මෙම වීඩියෝ එක ඇතුලේ කතා කරන්නේ ඉතාම වැදගත් කරුණක් වන මානසික කඩාවැටීම් සිදුවන අයුරු සහ එම කඩාවැටීම් වලට සාර්ථකව මුහුණ දෙන විද්‍යාත්මක ක්‍රමය ගැන. මෙම වීඩියෝ එක තුලදී, මානසික කදාවටීම් සඳහා හේතුවන මානසික නැඹුරුතා ගැනත්, ඒවා විකාශනය වන අයුරු ගැනත් ගැඹුරින් කතා කරනවා.
එලෙසම මේවා මගහරවා ගැනීමට භාවිතා කල හැකි, Cognitive Behavioral Therapy නම් ක්‍රමවේදයත් ඔබට පැහැදිලි කර දෙනවා.

Journal එක Download සඳහා සහ වැඩිදුර කියවීම් සඳහා යොමුව : https://drive.google.com/drive/folder...

මේ සමග ලබා දී ඇති CBT(Cognitive Behavioral Therapy Journal) එක පහත ලින්ක් එකෙන් ලබා ගන්න පුළුවන්

https://drive.google.com/file/d/1bd-E...

ඔබට මෙය බාගත කිරීමට අවශ්‍ය නම්, Download ලින්ක් එක click කිරීම මගින් එය කරන්න පුළුවන්. මෙම journal එක පිරවීම සඳහා අවශ්‍ය කරන උපදෙස් ටිකක් මම ලබා දෙන්නම්.

1) මේ තියෙන්නේ Journal එකක්, ඒ කියන්නේ දිනයක සිදු වූ කරුණු සටහනක් ලියන විශේෂ ආකෘතියක්. අපි කතා කරන්නේ මානසික කඩාවැටීම් ගැන නිසා අපි මෙහි ලියන්නේ ඒ ගැන

2) ලබා දී ඇති සටහන දිනක සටහන් කිරීමටයි, එය printout කරගෙන පසුව copies 20ක් පමණ ලබාගන්න, (දින 20ක් සඳහා මෙය සිදු කිරීමට), අවශ්‍යතාවය අනුව ඉදිරියට ලබා ගන්න පුළුවන්

3) මුලින්ම මෙම ලිපියේ Today I'm Greatful for (මම අද කුමක් සඳහා ස්තුතිවන්ත වෙමිද?) යන කොටසේ, ඔබට අද දින සිදු වූ හොඳ කරුණු, අත්දැකීම් මතක් කරමින්, එම අත්දැකීම් හරහා ඔබට සිතුනු දේවල්, ඔබට දැනුනු හැගීම් (සතුට, ප්‍රීතිය, වැනි) සහ ඔබ එයට ප්‍රතිචාර දක්වූ අයුරු ගැන මතක් කරමින් ලියන්න

4) ඉන්පසුව, ඔබට හැඟුණ අයුරට දිනය තුල තිබු මානසික ශක්තිය (energy), ආතති තත්වය (stress), ජලය පානය (water) සහ දල වශයෙන් ඔබගේ mood එක, රවුම් කරන්න

5) දිනය තුල හොඳින් සිදුවුණු දේවල් (What went well today?), ඔබ එතරම් සතුටු නොවන ලෙස සිදුවුණු දේවල් (What didn't work today) සහ ඔබ ඔබගේ ප්‍රගතිය සහ හොඳ වෙනුවෙන් සිදු කල දේ (What did I do to take care of myself) මතක් කරමින් සහ ඔබ ඒවාට ප්‍රතිචාර දක්වූ ආකාරය ගැන ලියන්න

6) අවසාන වශයෙන් ඔබට දිනය තුල කටයුතු සිදුකල ආකාරය ගැන හැඟුණ හැටි ගැන විස්තරයක් (How I felt today)ලියන්න

මෙහි වටනාකම වන්නේ, ඔබට දිනක් තුල සිතුනු සිතුවිලි (Thoughts) සහ ඒ සඳහා ඔබ තුල නිර්මාණය වූ හැගීම් (Emotions) සහ ඔබ ඒවාට ක්‍රියාත්මක වූ අයුර (Behavior) පිලිබඳ පුළුල් තේරුම් ගැනීමක් ලබාගැනීමට ඔබටම හැකි වීමයි.

විද්‍යාත්මකව පෙන්වා දී ඇති පරිදි මෙම තේරුම් ගැනීම, ආතති සහ එවැනි තත්ව කළමනාකරණය පහසු කිරීමටත්, වඩා හොඳින් මේ Emotions පාලනය කිරීමටත් සහය වෙනවා. එලෙසම, ඔබගේ නිරෝගී යහපැවැත්ම සඳහා සිටීමට ඔබව යොමු කිරීමටත් මෙම Journal එකට හැකියි.

මෙය දින 20ක් පමණ සිදු කිරීමෙන්, ඔබගේ මානසික ස්වාභාවය ක්‍රියාත්මක වෙන අයුර ගැනත් ක්‍රමයෙන් ඔබට ඔබ පිලිබඳ ධනාත්මක ස්වරූපයක් ජනනය වෙන අයුර ගැනත් ප්‍රගතිය මැනීමට මෙම ලිපි පෙළම භාවිතා කරන්න පුළුවන්.

show more

Share/Embed