යාල වනෝද්‍යානයේ ශ්‍රමදාන මෙහෙයුම | Clean - up campaign Yala National Park
VLOG with KANI VLOG with KANI
12.9K subscribers
535 views
0

 Published On Jul 29, 2024

හදවතේ සංචාරකයා එක්ක එකතුවුන සුන්දර හදවත් 44ක් එකතුවෙලා ලංකාවේ හදවත වන් වූ ජාතික වන උද්‍යාන අතරින් එකක් වෙන රුහුණු කතරගම යාල ජාතික වන උද්‍යානය පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් පසු ගියදා සිදු කෙරුනා. 

කතරගම දෙවියන් හට සිදුකල මහගු පූජාවක් වන මෙම ක්‍රියාව සොබාදහමට කරන ලද ඉතා වටිනා සත්කාරයක් , පුන්‍ය ක්‍රියාවක්ද වනවා.

දමිල සහෝදර බැතිමතුන් ඔකද වෙරල තීරයේ සිටත් ඇතැමුන් යාපනේ සිටත් වාර්ශිකව ගමනේ යෙදෙන අතීතයේ සිට පැවත එන පාද යාත්‍රාව කුමණ , කුඩුම්බිගල , යාල වන උද්‍යානය තුලින් පැමිණ යාල කටගමුව පිවිසුම අසලින් වනාන්තරයෙන් පිටතට පැමිණෙනවා. 

මේ හේතුවෙන් ඔවුන් මේ පැමිණෙන මාර්ගයේ සහ නවාතැන් ගන්නා ස්ථානවල අපද්‍රව්‍ය විශාල වශයෙන් එක් රැස් වෙනවා. ජාතික වනඋද්‍යානය හරහා පා ගමනින් ගමන් කිරීමට ලැබෙන එකම අවස්ථාව වන මෙම චාරිකාව හේතුවෙන් පරිසරයට යම් හානියක් සිදුවීම වැලැක්විය නොහැකියි. 

වැඩිහිටි අය තරුණ වයසේ අය මෙන්ම කුඩා දරුවන් පවා පවුල් පිටින් කතරගම දෙවියන් කෙරෙහි ඉමහත් භක්තියෙන් ගමන් කරන මේ පාද යාත්‍රාවේදී සත්‍ය වශයෙන්ම දෙවියන් කෙරෙහි හදවතේ භක්තියක් තියනවනම් මෙසේ රැගෙන එන දේවල් කැලේ ඇතුලෙම දමා එන්නට කිසිවිටෙකත් පෙලඹෙන්නේ නැහැ. එහෙම කරන්නට හිත දෙන්නේ නැහැ. කතරගම දේව අඩවිය , කද සුරිදුන්ගේ ඇල්ම බැල්ම වැටෙන උන්නාන්සෙට අයත් ප්‍රදේශය කියන හැගීම ඒ භක්තිය හිතේ තියනවනම් කොච්චර බර වුනත් අදාල කෙනා විසිකරන දේවල් කැලෙන් එලියට අනිවාරෙන් අරගෙන එනවාමයි.

කතරගම දේව අඩවිය සමන් දේව අඩවිය මේ සෑම වනාන්තර පද්ධතියක්ම කුණු වලින් පිරෙන්නෙ අපි නිසා. ඒ කියන්නෙ ඔබ අප මම අයත් වෙන මනුස්ස වර්ගයා නිසා. ඇත්තටම අපිට දෙවියො කෙරෙහි හදවතින්ම එන භක්තියක් ගෞරවයක් තියනවනම් උන්නාන්සෙලාට අරක්ගත්ත මේ ස්වාභාවික පරිසර පද්ධතියකට අයත් නොවන පොඩි හරි දෙයක් දාල ඒ භූමිය අපවිත්‍ර කරන්න හිත දෙන්නෙ නෑ නේද? 

ඒ වගේම තමයි අතීතයට සාපේක්ශව වර්තමානයේදී අප පරිහරනය කරන බොහෝ ද්‍රව්‍ය ප්ලාස්ටික් හා පොලිතින් වලින් ඇසුරුම් කර තිබීමත් තවත් ගැටලුවක්. 

ඉතින් මෙහෙම එකතුවෙන කැලිකසල ආහාරයට ගන්න වදුරන් , වල් ඌරන් , මුවන් වගේම අලි ඇතුන් හුරු වෙලා තියනව. අපි ඒ දේ සියැසින්ම දැක්ක. කොළඹ කුණු කන්න බල්ලො කාක්කො එනව වගේ විශාල වශයෙන් කැලිකසල එකතුවෙන වරහන කදවුරු භුමියට වල් අලි , වදුරු රංචු පිටින් පැමිණෙනව. ඒ අවට තියන අලි වසුරු තුල පොලිතින් , ප්ලාස්ටික් , කෑම ඇසුරුම් කල පැකට් විශාල වශයෙන් දකින්නට තිබුන. 

ඒ වගේම තමයි යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට විශාල වශයෙන් විදේශිකයන් පැමිණෙනව. එහෙම එන ඔවුන් කුණුවලින් පිරුන කැලයක් දැක්කොත් ඒක ලංකාවට ජාත්‍යන්තර වශයෙනුත් විශාල අපකීර්තියක්. 

ඉතින් දිනේෂ් අයියගෙ ආරාධනාව පිලි අරගෙන මෙතනට ආව හැම දෙනාම කට්ට අව්වෙ , දූවිලි ගොඩේ , හරියට නින්දක්වත් නැතුව එකා වගේ මහන්සිවෙලා වැඩකලා. හැබැයි ඒ අය කවුරුත් අම්මේ... හරිම අමාරුයි..එපා වුනා..වගේ වචන කියනව මට ඇහුනෙ නෑ. කොටින්ම අපි දෙන්නත් හරියට නිදාගෙන තිබුනෙ නෑ. ඇගට අමාරුවක් දැනුනත් අපිට ඒක මහ වදයක් වගේ හිතට දැනුනෙ නෑ. ඒකට හේතුව තමයි ඒ හිටිය හැමදෙනාම දිනේෂ් අයිය වගේම සොබාදහමට ආදරේ කරන උදවිය. කොල්ලො කෙල්ලො හැමදෙනාම. අන්න ඒ හිතේ තියන හැගීම නිසාම හැමෝම ඒ දවස් දෙක උපරිමයෙන්ම වින්ද. ඒ මොහොතෙ ජීවත් වුනා. මහන්සි වෙලා කැපවෙලා වැඩකලා.

අපි දෙන්න ආයිත් දවසක අනිවාරෙන් එනව. යාල කැලේ ඇතුලෙ නවතින්න. මේ පරිසරයේ සුන්දරත්වය දකින්න විදගන්න , ඇවිදින්න. 

නැවත හමුවන තුරු

කටගමුවට....වරහනට.....මැණික් ගං ඉවුරට..  යාලට....

හරෝ...හරා.....

(කණිෂ්ක)

#yalanationalpark #srilanka #safari #padayatra #katharagama

show more

Share/Embed