pol athu palata patiya genalla මේ ළමයා කොහෙන්දෝ කැලේ පැලෙන් ඇහින්දෝ
Kanchana Ariyadasa Kanchana Ariyadasa
153K subscribers
137,709 views
0

 Published On Nov 9, 2022

(කාංචන කුමාර ආරියදාස 0773416157)

2022.11.10
මේ ළමයා කොහෙන්දෝ කැලේ පැලෙන් ඇහින්දෝ
පැලේ හිටපු පුංචි අම්මා දෙවන පොඩිත්තා පැලට ගෙනැල්ලා

ගලේවෙල පට්ටිවෙල පුංචි පොල් අතු පැලක හිටපු අම්මා මේ වන විට තම දෙවැනි දරුවා ලෙස ගැහැණු දරුවෙකු බිහි කර තිබෙනවා ,මෙම මවට දරුවා බිහිකිරීම සඳහා අවැසි බොහෝ උදව් උපකාර සමාජ ඇස youtube නාලිකාවේ සාමාජික සාමාජිකාවන් විසින් සපයා දුන්නා, එපමනක් නොව ඔවුන්ගේ ආහාර පාන ඇඳ මෙට්ට කොට්ට ආදී සියල්ල ද අපේ ආදරණීය මිතුරු මිතුරියන් විසින් සපයා දුන්නා ,ඒ අනුව සමාජ ඇස සමග කාලයක් තිස්සේ එකතුව ඉන්න දඩගඩගමුව ප්‍රියන්ති ආදරණීය මිතුරිය මීට මාස කිහිපයකට ඉහතදී අපට රුපියල් 25,000 ක මුදලක් ගෙවා තිබුණේ මෙම අසරණ පවුල්ට වැසිකිලියක් තනා දීම සඳහා ය
එහෙත් වලවල් බිඳීම් නොකල යුතු නිසා දරුවා බිහිවන තුරු එය අප සතුව තිබුණා ,දරුවා පුංචි පැලට රැගෙන ආ සැණින් අප එම නිවසට ගොස් සොයා බැලීමේදී නිවසේ ජල පහසුකම් නොමැති වීම බරපතල ප්‍රශ්නයක්ව තිබුණා ඒ අනුව ජල නල පද්ධතියකින් ජලය ලබා ගැනීම සඳහා ආදරණීය ප්‍රියන්ති මහත්මිය ගේ සහයෝගය ලබා දීම අප සිදු කළා ,මෙවැනි උතුම් පින් උපදවා ගැනීම සඳහා එකතුවෙමු සමාජ ඇස සමග 0773416157 කාංචන මේ පවුලට නිවසට පෙර කිරි ගවයෙක් ලබාදීමට කැමති අයට ආරාධනා කරමි .කතා කරන්න ඉහත අංකයට

show more

Share/Embed