ස්කයි මැගෝවන්ගේ බෑග් එක ඉස්සූ කුඩ්ඩා ඇල්ලූ මෙහෙයුම... "දෙරණටත් ගොඩාක් ස්තූතියි"
Ada Derana Ada Derana
2.81M subscribers
282,614 views
0

 Published On May 31, 2024

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#srilanka #srilankapolice
ස්කයි මැගෝවන්ගේ බෑග් එක ඉස්සූ කුඩ්ඩා ඇල්ලූ මෙහෙයුම...
පොලීසියේ කණ්ඩායම විශිෂ්ටයි"
"දෙරණටත් ගොඩාක් ස්තූතියි"

- ශ්‍රී ලංකාව පිළිබඳව සංචාරක වීඩියෝවක් සකස් කිරීමේ අරමුණින් මෙරටට පැමිණ සිටින එංගලන්ත ජාතික තරුණියගේ බෑගය සොරකම් කළ සැකකරු කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වුණි.

- 26 හැවිරිදි සැකකරු මීට පෙරද මෙවන් සොරකම් රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකි.

- Under The Same Skye නමින් යූ ටියුබ් චැනලයක් පවත්වාගෙන යන ස්කයි මැගෝවන් නම් ඔස්ට්‍රේලියාවේ වාසය කරන එංගලන්ත ජාතික තරුණියක් පසුගිය මැයි 24 වැනිදා මෙරටට පැමිණ තිබුණේ ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝවක් සකස් කිරීමේ අරමුණිනි.

- දුම්රියෙන් ඇල්ල බලා යාම සඳහා ඇය කොටුව දුම්රිය ස්ථානය වෙත ගියද පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය අවලංගු වීම නිසා ඇය බසයෙන් ඇල්ල බලා යාමට බැස්ටියන් මාවත බස් නැවතුම්පොළට පැමිණි අවස්ථාවේදී බසයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඇගේ බෑගය සොරාගෙන තිබුණි.

- එය බසයේ CCTV කැමරාවේ සටහන්වී තිබුණි.

- ස්කයි මැගෝවන් එදින ප්‍රකාශ කළේ, තම බෑගය සොයා දෙන හෝ ඒ පිළිබඳ තොරතුරුක් ලබාදෙන අයෙකුට අමෙරිකානු ඩොලර් පන්දහසක් එනම් රුපියල් ලක්ෂ 15ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවය.

- මේ අතර සිය බෑගය සොරාගැනීම පිළිබඳව ඇය පොලීසියට සිදුකළ පැමිණිල්ලට අදාළව පිටකොටුව පොලීසියද විමර්ශන ආරම්භ කළේ CCTV දර්ශන උපයෝගී කරගනිමිනි.

- පිටකොටුවේ බස් රථ තුළ වෙළෙඳාමේ නිරතවන්නන් සහ ගැට කපන්නන්ගේ ඡායාරූප පිටකොටුව පොලීසිය සතුව තිබෙන අතර ඒවා පරීක්ෂා කරන අතරවාරයේ CCTV දර්ශනවල සිටින පුද්ගලයා හඳුනාගැනීමට පොලීසිය සමත් වුණි.

- ඔහු කැලණිය, පෙතියාගොඩ වතු නිවාසවල කුලී පදනම මත පදිංචි වී සිටින අයෙක් බවට හඳුනා ගැනීමෙන් පසු විමර්ශන නිලධාරීන් එහි ගොස් තිබුණි.

- නමුත් මෙම සොරකම සම්බන්ධයෙන් මැයි 29 වනදා අද දෙරණ රට හමුවේ තොරතුරු වාර්තා කිරීමත් සමග සැකකරු කුලී නිවස වසා දමා සැඟවී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබුණි.

- අත්අඩංගුවට පත්වු 26 හැවිරිදි සැකකරු මීට පෙර බස් රථ තුළ වෙළෙඳාම් කළ අයෙකි.

- ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ විදේශික තරුණියගේ බෑගය සොරකම් කිරීමෙන් පසු එහි තිබූ කැමරාව සහ කැමරා කාචයක් රුපියල් 350,000ක මුදලකට දොම්පේ ප්‍රදේශයේ අයෙකුට අලෙවි කළ බවය.

- එමෙන්ම ඇගේ MacBook වර්ගයේ ලැප්ටොප් පරිගණකයේ මුරපදය වෙනස් කිරීම සඳහා සැකකරු කැලණිය ප්‍රදේශයේ අයෙකුට රුපියල් 5,000ක්ද ගෙවා තිබුණත්, එහි සැකසුම් වෙනස් කිරීමට පෙර ඔහු යළි එහි පැමිණ ලැප්ටොප් පරිගණකය හදිසියේ රැගෙන ගොස් ඇති බවද අනාවරණ වී තිබේ.

- ඔහු සොරකම් රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අයෙක් බව පොලීසිය සඳහන් කළේය.

- පිටකොටුව පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතා ඇතුළු නිලධාරීන් අද (31) උදෑසන ස්කයි මැගෝවන් තරුණිය එහි කැඳවා ඇයගෙන් සොරාගෙන තිබූ බඩුබාහිරාදිය යළි භාරදුනි.

- එහිදී ස්කයි මැගෝවන් පවසා සිටියේ,

"පොලිස් ස්ථානාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම ඇත්තටම විශිෂ්ටයි. මගේ දේවල් සියල්ල නැවත ලබාගත්තා. දෙරණ නිවුස් එකටත් ගොඩාක් ස්තූතියි."

#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #YouTubeLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

show more

Share/Embed