Athma Liyanage - Populer Songs (Live Accoustic)
Lifetime Music Lifetime Music
2.39K subscribers
5,230 views
49

 Published On Mar 11, 2023

ආත්මා ලියනගේ ගැයූ ජනප්‍රිය ගීත කිහිපයක් එක දිගට අහමු.
Lifetime Music චැනල් එකට සෙට් වෙන්න. යාළුවන්ටත් කියන්න.
ඔබේ අදහස් Comment කරන්න

Song List (ගීත ලැයිස්තුව)
0:00 මාලී සිහින කුමාරී - පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ - අදුරේ සරනා සෙනෙහේ..//

පවනේ රහසින් කොදුරා හද සසලන්නේ
උණුසුම් සුවදයී පාවී ගත දැවටෙන්නේ
දෙනෙතේ සැඟවි නොපෙනී ඈ කොයි යාදෝ

මාලී..

අදුරේ රහසින් සැලෙනා පිනි කදුලක් දෝ
පින්නේ ඇදෙනා දිලෙනා සද කිරණක් දෝ
මා දෑසේ මැවූ සේයා මායාවක් දෝ

මාලී..

6:42 රෑ.. අහසේ තරු කැට පායා දිලුනා
මා.. තනිවේ සිතුවිලි සයුරේ දිලුනා..//

ඔබේ සුමුදු අත මා අත් පටලා - තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා - තරු කැට අතරේ රැදී දිලෙනවා
සිතට දැනෙනවා

රෑ අහසේ..

තරු එළියක් නිල්දෙනෙතට වැටිලා - සද කිරණින් ඔබේ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි - තරු කැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා ..

රෑ අහසේ..

11:19 එපා කඳුලැල් සලා - හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා - සිප ගනී ඔබේ මුව..//

එපා සුසුමන් සලා - රිදවන්න ඔබේ හද
එපා සුසුමන් සලා - රිදවන්න ඔබේ හද
සියොත් කැල ගී ගයා - සතපවයි ඔබේ සිත
සතපවයි ඔබේ සිත

එපා කඳුලැල් සලා...

ආදර හැඟුමන් සලා - මිරිඟුවක වෙලෙන්නෙපා
ආදර හැඟුමන් සලා - මිරිඟුවක වෙලෙන්නෙපා
ඔබේ හද පුදසුනේ - හිමි කුමරු එනතුරා
හිමි කුමරු එන තුරා

එපා කඳුලැල් සලා...


17:26 කඳු පාමුල සිට දැහැනට සමවැද - මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන - ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කඳු ශිඛර සිසාරා - සඳ බැස යන තුරු අවර වන පෙතේ
ඔබ කිව් රහසින් මා සැළුනේ නැත - ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

කඳු පාමුල සිට..

ඇල දොල ගංගා සයුර සිසාරා - ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත - ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

කඳු පාමුල සිට..

23:32 ලියතඹරා... මුදු කුසුමකී ඈ..
තවුසන්ගේ... දැහැනේ සම බිඳිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි - නෑ ලෝකේ ජීවේ ඇයයි..//

මායාව මායාව ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා
වීනාවේ තත් අතර මුදු ස්වරය ඇයමයී
මා හදට රස ගෙනෙන මධුවිත ඇයයි

ලියතඹරා...

මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවේ වැලි කතරෙ දිය බිඳ ඇයයි

ලියතඹරා...//

29:41 මධුර ආරාධනා

Like කරල Share කරමු.

show more

Share/Embed